by Hashini De Mel 25-04-2018 | 7:50 PM
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරයට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කිරීමට අද රැස් වූ පූර්ණ බලැති දේශපාලන මණ්ඩලය තීරණය කර තිබේ.
අප කළ විමසීමකදී අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ, පක්ෂයේ සභාපති ධූරයට අමාත්‍ය කබීර් හෂීම් මහතා පත් කිරීමට ද තීරණය කළ බවයි.
අරලියගහ මන්දිරයේදී අද පස්වරුවේ පූර්ණ බලැති දේශපාලන මණ්ඩලය රැස්වූයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
එහිදී පක්ෂයේ නව ජාතික සංවිධායක ලෙස අමාත්‍ය නවීන් දිසානායක මහතා පත් කිරීමට තීරණය කළ බව අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ ය.
පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කටයුතු කරන අතර උපනායක ලෙස රවී කරුණානායක මහතා පත් කිරීමට තීරණය කර තිබේ.
මෙම තීරණගෙන ඇත්තේ පක්ෂයේ පූර්ණ බලැති දේශපාලන කමිටුවේ බහුතර එකඟතාව මතයි.
එම තීරණ හෙට රැස්වන කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පුරප්පාඩුවී ඇති සෙසු තනතුරු එම රැස්වීමෙන් පසුව පත්කරනු ඇතැයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසුවේ ය.