කැනඩාවේ ටොරොන්ටෝහි පදිකයින් අතරට වෑන් රථයක් කඩාවැදීමෙන් මිය ගිය පිරිස අතර ශ්‍රී ලාංකික කාන්තාවක්

කැනඩාවේ ටොරොන්ටෝහි පදිකයින් අතරට වෑන් රථයක් කඩාවැදීමෙන් මිය ගිය පිරිස අතර ශ්‍රී ලාංකික කාන්තාවක්

කැනඩාවේ ටොරොන්ටෝහි පදිකයින් අතරට වෑන් රථයක් කඩාවැදීමෙන් මිය ගිය පිරිස අතර ශ්‍රී ලාංකික කාන්තාවක්

කර්තෘ Sakila Udayakumara

25 Apr, 2018 | 10:06 am

COLOMBO (News 1st) – කැනඩාවේ ටොරොන්ටෝ නුවර පදිකයින් පිරිසක් අතරට වෑන් රථයක් කඩාවැදීමෙන් මිය ගිය පුද්ගලයින් අතර ශ්‍රී ලාංකික කාන්තාවක ද සිටින බව අද අනාවරණය විය.

කැනඩාවේ ටොරොන්ටෝ නුවර බෞද්ධ මහා විහාරවාසී පූජ්‍ය ලුණුගම්වෙහෙර රේවත හිමියන් සඳහන් කළේ, ඇය හොරණ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවක බව ය.

අදාළ කාන්තාව සිය 7 හැවිරිදි දරුවා සමග ටොරොන්ටෝ නුවර වාසය කළ බව උන්වහන්සේ සඳහන් කළේ ය.

මිය ගිය කාන්තාවගේ දේහය ටොරොන්ටෝ නුවර බෞද්ධ මහා විහාරස්ථානයේ දායක සභාව විසින් භාර ගැනීමට සැලසුම් කර ඇතැයි ද උන්වහන්සේ පැවසුවේ ය.

කැනඩාවේ ටොරොන්ටෝ නුවර පදිකයින් පිරිසක් අතරට වෑන් රථයක් කඩාවැදීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් තවත් 13 දෙනෙකු තුවාල ලැබුවේ, පෙරේදා රාත්‍රියේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් ඇලෙක් මිනැසියන් නම් 25 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනිණි.

ඔහු පුද්ගල ඝාතන 10ක් සම්බන්ධයෙන් සහ පුද්ගල ඝාතනයට තැත් කිරීම් 13ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූවෙකි.