රාජකීය විවාහයට බ්‍රිතාන්‍ය සමාගමකින් මැටි භාණ්ඩ

හැරී - මෙගන් රාජකීය විවාහ උත්සවයට බ්‍රිතාන්‍ය සමාගමකින් මැටි භාණ්ඩ

by Hashini De Mel 24-04-2018 | 6:39 PM

COLOMBO (News 1st) - බ්‍රිතාන්‍ය මැටි භාණ්ඩ නිෂ්පාදන සමාගමක් හැරී කුමරු සහ මෙගන් මර්කල් යුවළගේ රාජකීය විවාහ මංගලෝත්සවය වෙනුවෙන් බඳුන් නිෂ්පාදනය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සැමරුම් අවස්ථා වෙනුවෙන් භාණ්ඩ නිෂ්පාදනයේ නිරත එම සමාගම විලියම් කුමරුගේ විවාහ මංගලෝත්සවය මෙන් ම බ්‍රිතාන්‍ය රජ පවුලේ විවිධ විශේෂ අවස්ථා සනිටුහන් කිරීම නිමිතිකරගනිමින් භාණ්ඩ නිෂ්පාදනයේ නිරතව සිටි බවයි. හැරී කුමරු සහ මෙගන් මර්කල් යුවළ ලබන 19 වැනි දින යුග දිවියට එලඹීමට නියමිත වේ.