සිසුවෙකු අපයෝජනය කළ ගුරුවරිය අත්අඩංගුවට

සිසුවෙකු අපයෝජනය කළ බවට සැකපිට බදුල්ලේ ගුරුවරියක් අත්අඩංගුවට

by Hashini De Mel 24-04-2018 | 7:44 PM

COLOMBO (News 1st) - හාලිඇළ ප්‍රධාන පාසලක සිසුවෙකු අපයෝජනයට ලක් කළා යැයි සැක කෙරෙන ගුරුවරියක අද බදුල්ලේදී අත්අඩංගුවට ගෙන බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

2017 වසරේ ජූනි මස සිදුවූවායැයි සැක කෙරෙන මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි ලැබී ඇත්තේ 2017 වසරේ නොවැම්බර් මාසයේදී ය. මේ වනවිට පාසල් සිසුවා සහ ගුරුවරිය මානසික රෝගයකින් පෙළෙන්නේ ද යන්න පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මක වේ. සිසුවාගේ දෙමව්පියන් චෝදනා කරන්නේ, වයස අවුරුදු 50 වයසැති සැකකාර ගුරුවරිය පාසලේ පැවති උත්සව අවස්ථාවකදී වයස අවුරුදු 15 ක් වයසැති තම පිරිමි දරුවා අපයෝජනය කළ බව ය. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකාර පාසල් ගුරුවරිය මේ වනවිට රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත නිදහස් කර ඇත. මීළඟ නඩු දිනය මැයි මස 04 වන දා කැඳවීමට නියමිත වේ. https://www.facebook.com/NewsfirstSL/videos/1923701147690134/