ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රෑට රැස්වෙයි

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රෑට රැස්වෙයි

by Sagarika Chathumali 24-04-2018 | 6:35 AM

COLOMBO (News 1st)  : ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද රාත්‍රි 8 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිතව තිබේ.

පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ, පසුගිය දා ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනා ද අද පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගී වන බවයි. ජනාධිපතිවරයාගේ නිල නිවසේදී එම රැස්වීම පැවැත්විමට නියමිතයි.