ගෑස්, කිරිපිටි මිල ගණන් ඉහළ යයි ද?

ගෑස්, කිරිපිටි මිල ගණන් ඉහළ යයි ද?

by Sagarika Chathumali 24-04-2018 | 8:38 AM

COLOMBO (News 1st)  : ජීවන වියදම් පිළිබඳ කමිටුව අද මුදල් අමාත්‍යාංශයේදී රැස්වීමට නියමිතයි.

එහිදී ගෑස් මිල සහ කිරිපිටි මිළ ගණන් වැඩි කිරීම පිළිඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. ගෑස් සහ කිරිපිටි සමාගම් විසින් මිල ගණන් වැඩි කරන පසුගිය දා ලෙසට ජීවන වියදම් පිළිබඳ කමිටුවෙන් ඉල්ලා සිටියේ ය. පසුගිය ජීවන වියදම් පිළිබඳ කමිටු රැස්විමේදී ද ඒ පිළිබද නිසි තීරණයකට පැමිණිමට නොහැකි විය. ඒ අනුව අද පැවැත්වෙන රැස්විමේදී මිල ගණන් වැඩි කිරීම පිළිබඳ තීරණයක් ගනු ඇති බවට පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරියෙකු සඳහන් ක‍ළේ ය.