කොළඹ තදබදයට පිළියම් සොයා ඉදිවන නව කැලණි පාලම‍

කොළඹ තදබදයට පිළියම් සොයා ඉදිවන නව කැලණි පාලම‍

by Hashini De Mel 24-04-2018 | 9:31 PM

COLOMBO (News 1st) - කැලණි පාලමෙන් කොළඹට ඇතුළුවන හා පිටවන වාහනවලට කාර්ය බහුල වේලාවලදී දැඩි තදබදයකට මුහුණදීමට සිදු වනු ඇත.

ඊට විසඳුම් ලෙස ආරම්භ කළ කිලෝමීටර් 3 ක පමණ දිගකින් යුක්ත නව කැලණි පාලම ව්‍යාපෘතිය මෙරට ප්‍රථම අති නවීන එල්ලෙන පාලම් ව්‍යාපෘතියයි. අවශ්‍ය හුවමාරු මධ්‍යස්ථාන හා ප්‍රවේශ මාර්ග සහිත මංතීරු 6 කින් සමන්විත මෙම පාලම කැලණි ගඟ හරහා ඉඳි වනු ඇත. ඒ සඳහා ජපන් සහයෝගීතා ආයතනයේ ණය ආධාර මත වැය කෙරෙන මුදල ජපන් යෙන් මිලියන 35020ක් වනු ඇති. මේ සඳහා රජය අත් කරගෙන ඇති මුළු භූමිය හෙක්ටයාර 12.9 ක් වන අතර නව පාලම ක්‍රියාකරනුයේ කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හා කුළුණු මත ඉදිවන මාර්ග ව්‍යාපෘතිවල සම්බන්ධක පාලම ලෙසිනි. මෙහි ඉදිකිරීම් 2020 වසරේදී අවසන් කිරීමට නියමිතව තිබේ. https://www.youtube.com/watch?v=uE-U8pe9vRk