අලුත්ම සන්ධානයක් ගැනයි මේ අනාවරණය

අලුත්ම සන්ධානයක් ගැනයි මේ අනාවරණය

by Hashini De Mel 24-04-2018 | 10:08 PM

COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මරදාන, සුදුවැල්ල ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයකට සහභාගී වූ බව අද ජාතික පුවත්පත් බොහොමයක් ප්‍රමුඛ ස්ථානයක්දී වාර්තා කර තිබුණි.

කොළඹ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ මහතා මේ උත්සවය සංවිධානය කර තිබූ අතර ඔහු අගමැතිවරයා සමීපයේම සිටිමින් ඔවු නොවුන් තෑගි භෝග ද හුවමාරු කරගන්නා අයුරු පුවත්පත් වාර්තාකර තිබුණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසභංග යෝජනාව ජයගෙන පසුගිය 04 වන දා රාත්‍රියේ කොළඹ, ගංගාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ ද ඔහු සමීපයේම සිටියේ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ මහතායි. ඊට පසුදින පහන්වන විට කොළඹ නගරය පුරා අගමැතිවරයාට සුබපතා දැවැන්ත පුවරු විශාල ප්‍රමාණයක් සවිකිරීමට ද මේ නාගරික මන්ත්‍රීවරයා පියවර ගෙන තිබුණි. කිත්සිරි රාජපක්ෂ නාගරික මන්ත්‍රීවරයා ද වරක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ද අත්අඩංගුවට පත් වූ අයෙකි. https://www.youtube.com/watch?v=wOhwLAzYWfo