ජාලිය වික්‍රමසූරියට නැවතත් විවෘත වරෙන්තු

අමෙරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරියට නැවතත් විවෘත වරෙන්තු

by Hashini De Mel 24-04-2018 | 4:53 PM

COLOMBO (News 1st) - අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍ර‍මසූරිම මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නැවත විවෘත වරෙන්තු නිකුත් කළේය.

ඒ, කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ අද එම නඩුව කැඳවූ අවස්ථාවේදී ය. ජාලිය වික්‍ර‍මසූරිය මහතා වෙනුවෙන් අධිකරණයට ඇපකරුවන් ලෙස ඉදිරිපත් වූ ඔහුගේ බිරිඳ සහ ඥාති සොහොයුරිය ද අත්අඩංගුවට ගැනීමට මහේස්ත්‍රාත්වරිය එහිදී නැවත වරෙන්තු නිකුත් කළේය. එම ඇපකාරියන් දෙදෙනා ඔවුන් පදිංචිව සිටි ස්ථානවලින් අතුරුදන් වී ඇතැයි පවසමින් මූල්‍ය අපරාධ කොට්ඨාසය කළ කරුණු දැක්වීම සළකා බැලූ මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කරනු ලැබිණි. අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ සමයේදි තානාපති කාර්යාලය සඳහා අවශ්‍ය ගොඩනැගිල්ලක් මිලදි ගැනිමේදි ශ්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් එක් ලක්ෂ තිස් දෙදෙහසක මුදලක් සාපරාධි විශ්වාසය කඩ වන අයුරින් පරිහරණය සම්බන්ධයෙන් ජාලිය වික්‍ර‍සුරිම මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා. නඩුව යළි කැදවීම ලබන 24 දා කැදවීමට නියමිතයි.