"අපිට ත් බැට් කරන්න අවස්ථාවක් දෙන්න.."

"අපිට ත් බැට් කරන්න අවස්ථාවක් දෙන්න.."

by Sagarika Chathumali 24-04-2018 | 9:22 AM

COLOMBO (News 1st)  : සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමණායක මහතා ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් අදහස් පළ කළේ ය.

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, පක්ෂයේ අනෙකුත් මන්ත්‍රීවරුන්ට ද පක්ෂ නායකත්වයේ දොරටුව විවර විය යුතුව ඇති බවයි. "දැන් අපි අපේ ගරු අගැමතිවරයට ක්‍රිකට්වලින්ම ගන්නම් කෝ. බැට් කරන්න ගොඩක් අවස්ථා දුන්නා. ගොඩාක් සැරයක් පිටියට ගිහිල්ලා බැට් කරන්න අවස්ථාව දුන්නා. අපිටත් බැට් කරන්න අවස්ථාවක් දෙන්න. ඒ කියන්නේ අපි සික්ස්සර් ගහයි ද? මේ හතර ඒවා ගහයි ද? හයේ ඒවා ගහයි ද? සෙන්චරි ගහයි ද? කියලා දන්නේ නෑනේ. උපකල්පනය කරන්න බෑනේ. සජිත්ටත් ගහන්න අවස්ථාවක් දෙන්න. නවීන් දිසානායක මහත්තයටත් අවස්ථාවක් දෙන්න" පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන්ගේ හිමි තැන පිළිබඳව ඔහු ප්‍රශ්න කළේ, මෙලෙසිනි. "ඉතින් හැම වේලේම එතුමාම බැට් කරන්න ඉල්ලන එක වැරදියි. ඒ කියන්නේ අපි හැමදාම බෝලින් ද කරන්නේ. ඒක වැරදියි නේ. ඒ කියන්නේ අනිත් අයටත් බැට් කරන්න අවස්ථාවක් දීලා බලන්න ඕනී. එතුමා කියනවා නෑ.. මම අව්ට් නෑ මට ආය බැට් කරන්න ඕනී කියලා කියනවා. ඒ මං හිතන්නේ හොඳ මදි" පක්ෂය තුළ නායකත්වය සඳහා හැකියාවන් සහිත දක්ෂයින් සිටින බව ද නියෝජ්‍ය අමාත්‍යයවරයා එහිදී සිහිපත් කර දුන්නේ ය. "එතුමා කිවන්න ඕනි දැන් රංජන් ඔයා බැට් කරන්න මම බෝල් කරන්නම් කියලා. එහෙම දුන්නොත් සුපිරි ක්‍රීඩකයෝ බිහි වෙයි ඉදිරියට. අපේ පක්ෂේ සුපිරි ක්‍රීඩකයෝ ඉන්නවා. එතුමට බැට් කරන්න දුන්නා 2002 දී එතුමා එදා නම් සෙන්චරියක් ගැහුවා. ආණ්ඩුව ගත්තා ඊට පස්සේ 2004 එතුමා අව්ට් වුණා. ආයේ 2010 අපි ආනයනය කළා වෙන පිතිකරුවෙක්ව. 2015 දී තවත් පිතිකරුවෙක්ව අපි ආනයනය කළා. අපි පසුපෙළ ක්‍රීඩා කළා" https://www.facebook.com/NewsfirstSL/videos/1922703471123235/