අ. ඩො. සාපේක්ෂව රුපියලේ අගය වාර්තාගත ලෙස පහළට

අ. ඩො. සාපේක්ෂව රුපියලේ අගය වාර්තාගත ලෙස පහළට

අ. ඩො. සාපේක්ෂව රුපියලේ අගය වාර්තාගත ලෙස පහළට

කර්තෘ Hashini De Mel

24 Apr, 2018 | 4:41 pm

COLOMBO (News 1st) -ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම තවදුරටත් ඉහළ ගොස් තිබේ.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද රුපියලේ විකුණුම් අගය දැක්වුණේ, රුපියල් 158.69ක් ලෙසයි.

අමෙරිකානු ඩොලරයට ආනයකරුවන්ගේ ඇති ඉල්ලුම ඉහළ යාමත් සමග මෙම තත්ත්වය ඇති බව ආර්ථික විශේෂඥයින් පවසා ඇත.

ඒ සමග වෙළෙඳපොළේ අමෙරිකානු ඩොලර් හිඟයක් පැවතීම ද මීට තවත් හේතුවකි.

ඊයේ වනවිට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය දැක්වුණේ, රුපියල් 156.34ක් ලෙසයි.

2015 වසරේදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවර අගයක පැවති අතර ඒ වනවිට රුපියලේ අගය දැක්වුණේ රුපියල් 131 ලෙසිණි.

නමුත් 2015 වසරේදී මෙරට විනිමය අනුපාත ඉහළ පහළ යාමට මැදිහත් නොවීමට එවකට මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා යටතේ තීන්දුවක් ගැනීමත් සමග මෙලෙස ඩොලරයේ අගය ඉහළ යාම ආරම්භ විය.

ඩොලරය මේ ආකාරයෙන් ඉහළ යාම ඛනිජ තෙල් ඇතුළු පිටරටින් ගෙන්වන භාණ්ඩවල මිල ගණන් ඉහළ යාමට සෘජුවම බලපානු ඇති.

අමෙරිකානු ඩොලයරට සාපේක්ෂව රුපියලේ අගය වාර්තාගත ලෙස පහළට

අමෙරිකානු ඩොලයරට සාපේක්ෂව රුපියලේ අගය වාර්තාගත ලෙස පහළට#lka #SriLanka #Rupee #Dollar

Posted by Newsfirst.lk on Tuesday, April 24, 2018