කැබිනට් මණ්ඩලයේ අලුත් වෙනසක්…

කැබිනට් මණ්ඩලයේ අලුත් වෙනසක්…

කැබිනට් මණ්ඩලයේ අලුත් වෙනසක්…

කර්තෘ Sagarika Chathumali

24 Apr, 2018 | 7:06 am

COLOMBO (News 1st)  : ලබන සතිය ඇතුළත නව කැබිනට් මණ්ඩලක් පත් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ, පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා ලන්ඩනයේ නිල සංචාරයක නිරත වූ අවස්ථාවේ BBC සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ, විද්‍යාත්මක පදනමින් යුතුව අමාත්‍යංශ සඳහා විෂයන් බෙදන ලද කැබිනට් මණ්ඩලයක් හඳුන්වා දෙන බවයි.

නව ඇමති මණ්ඩලය ජනතාවට පිළිගත හැකි ඇමති මණ්ඩලයක් විය යුතු බව ද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.