IS සටන්කාමීන් සහෝදරයින් තිදෙනෙකු හිස ගසා මරා දමති

IS සටන්කාමීන් එකම පවුලේ සහෝදරයින් තිදෙනෙකු හිස ගසා මරා දමති

by Hashini De Mel 23-04-2018 | 3:30 PM

COLOMBO (News 1st) - IS සටන්කාමීන් විසින් ඇෆ්ගනිස්ථානයේ එකම පවුලේ සහෝදරයින් තිදෙනෙකු හිස ගසා මරා දමා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙලෙස ඝාතනය කර ඇත්තේ අවුරුදු 27, 24 සහ 19 යන වයස්වල පසුවන්නන් බවයි. ඝාතනය කෙරුණු සහෝදරයින් තිදෙනාම වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධව කටයුතු කර ඇත. ඝාතනයට ලක්වූවන්ගේ පියා ද පසුගිය වසරේදී IS සටන්කාමීන් විසින් ඝාතනය කරනු ලැබ ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.