හිනිඳුම මවක් සිය දරුවා ද ඝාතනය කර දිවිනසා ගනී

හිනිඳුම මවක් සිය දරුවා ද ඝාතනය කර දිවිනසා ගනී

by Sagarika Chathumali 23-04-2018 | 2:48 PM

COLOMBO (News 1st)  : හිනිඳුම, හබරකඩ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි මවක් සිය මාස 10ක් වයසැති පිරිමි දරුවා ඝාතනය කර ඇය ද සියදිවි හානි කරගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, මෙම කාන්තාව මානසික රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබන අයෙකු බවයි. අද පෙරවරුවේ පදිංචි නිවස තුළදී ඇය මෙලෙස සිය දරුවා ඝාතනය කර ගෙව වැල ලා ගෙන සිය දිවි හානි කර ගෙන ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.