පියෙකු සිය පුතු ද සමගින් දුම්රියට පැන දිවි නසා ගනී

වැල්ලවදී පියෙකු සිය පුතු ද සමගින් දුම්රියට පැන දිවි නසා ගනී

by Sagarika Chathumali 23-04-2018 | 2:26 PM
COLOMBO (News1st)  : වැල්ලව, පල්ලේකොටුව ප්‍රදේශයේදී පියෙකු සිය දරුවා ද සමග දුම්රියට පැන සියදිවි නසා ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ සවස ඔවුන් කන්සන්තුරේ සිට මාතර බලා ධවනය වූ ශීඝ්‍රගාමී දුම්රියට පැන මෙලෙස සිය දිවි නසා ගෙන ඇති බවයි. සිය දිවි නසා ගත් පියාගේ වයස අවුරුදු 30 වන අතර දරුවාගේ වයස මාස 8කි. මෘත ශරීර කුරුණෑගල රෝහලේ තැන්පත් කර ඇති අතර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ. https://www.youtube.com/watch?v=xNBrTKPyi2Y