යුද හමුදාවේ වෙසක් තොරණ මෙවර මැලේසියාවේදී

යුද හමුදාවේ වෙසක් තොරණ මෙවර මැලේසියාවේදී

by Hashini De Mel 23-04-2018 | 5:02 PM

COLOMBO (News 1st) -මැලේසියාවේදී ප්‍රථමවරට ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නිර්මාණය කරනු ලබන වෙසක් තොරණ ඉදිකිරීමේ කටයුතු පිළිබඳව පසුගිය දිනක මල්වතු මහ නාහිමි දැනුවත් කෙරිණ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා මල්වතු මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගලනාහිමියන් බැහැදැක ඒ පිළිබඳව උන්වහන්සේ දැනුවත් කළේ ය. යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පැවසූවේ, මැලේසියාවේ ක්වාලා ලම්පූර් නුවර වෙත නැටුම් කණ්ඩායම් ද යැවීමට සූදානම් කර ඇති බවයි. තව ද මහේෂ් සේනානායක මහතා සඳහන් කළේ, එරට 17%ක් බෞද්ධයින් සිටින බවයි. යුද හමුදාපතිතුමාගේ අධික්ෂණය යටතේ ඉංජිනේරු සේවා බලකා භට පිරිස් කණ්ඩායමක් විසින් ක්වාලා ලම්පූර් හි මෙම තොරණේ ඉදිකිරිම් කටයුතු සිදු කරනු ඇත. https://www.youtube.com/watch?v=4HeT6LEGt30&feature=youtu.be