මහනුවර පස් කණ්ඩියකට යට වූ දෙදෙනා මහනුවර රෝහලට

මහනුවර පස් කණ්ඩියකට යට වූ දෙදෙනා මහනුවර රෝහලට

by Hashini De Mel 23-04-2018 | 5:47 PM

COLOMBO (News 1st) - මහනුවර, සංඝරාජ මාවත ප්‍රදේශයේදී අද උදෑසන පස් කන්දකට යට වීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

මහනුවර, සංඝරාජ මාවතේ පෞද්ගලික වැඩබිමකදී අද උදෑසන 11.30 ට පමණ මෙය සිදු විය. අප වාර්තාකරු පැවසුවේ, පාදම් වලක් කැපීමට යාමේදී ඉදිරිපසින් තිබූ පස් කන්ද කඩා වැටීමෙන් එම පුද්ගලයින් දෙදෙනා ඊට යටව ඇති බවයි. තලාතුඔය පදිංචි රණසිංහ බණ්ඩාර නැමති 48 හැවිරිදි අයෙකු සහ හේවාහැට පදිංචි 38 හැවිරිදි කරුණාරත්න බණ්ඩාර මෙහිදී තුවාල ලබා ඇත. මහනුවර මහ නගර සභාවේ ගිනිනිවීමේ ඒකකයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක් ව ඔවුන් දෙදෙනා බේරාගෙන මහනුවර මහ රෝහලට ඇතුළත් කෙරිණි. රෝහල් බලධාරියෙකු පැවසුවේ, තුවාල ලැබුවන් අසාධ්‍ය තත්ත්වයේ නොමැති බවයි.