by Hashini De Mel 23-04-2018 | 5:58 PM
COLOMBO (News 1st) - 8 වන පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය මැයි 8 වන දා පස්වරු 2.15 රැස් කිරීමේ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තබා තිබේ.
ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, ගැසට් නිවේදනය මුද්‍රණය සඳහා යොමු කර ඇති බවයි.
පසුගිය 12 වන දා මධ්‍යම රාත්‍රීයේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව වාර අවසාන කළේ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමිනි.
ඒ සමගම පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වූ රාජ්‍ය ගිණුම් කාරක සභාව, පෙත්සම් කාරක සභාව, පොදු ව්‍යාපාර කාරක සභාව ඇතුළු කාරක සභා 15 ක් අවලංගු වී තිබේ.
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා ප්‍රකාශ කළේ, ආංශික අධීක්ෂණ කාරක සභාව, උසස් නිලතල පිළිබඳ කාරක සභාව සහ විශේෂ කරුණු සම්බන්ධයෙන් වන කාරක සභාව අවලංගු නොවන බවයි.
පාර්ලිමේන්තුව වාර අවසාන කරමින් ජනාධිපතිතුමා මීට පෙර නිකුත් කළ ගැසට් නිවේදනයේ යළි පාර්ලිමේන්තුව රැස්වන දිනය සටහන්ව තිබුන ද රැස්වන වේලාව සටහන් නොවීම හේතුවෙන් මෙලෙස යළි ත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සිදු විණි.