දෙවන පාසල් වාරය අද සිට ඇරඹේ

දෙවන පාසල් වාරය අද සිට ඇරඹේ

by Sagarika Chathumali 23-04-2018 | 6:10 AM
COLOMBO (News 1st)  : දෙවන පාසල් වාරය අද සිට ආරම්භ වේ. රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පළමු පාසල් වාරය පසුගිය 6 වන දායින් අවසන් විය. මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරය පසුගිය 11 වන බදාදායින් අවසන් වු අතර දෙවන පාසල් වාරයේ පළමු අදියර පසුගිය 18 වන දා ආරම්භ කෙරිණ. නව පාසල් වාරය ආරම්භ වීමට පෙර දිවයිනේ සියලු පාසල්වල පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලු පාසල් දැනුවත් කර තිබිණ. අමාත්‍යංශය එම තීරණය ගෙන තිබුණේ එළඹෙන නිරිතදිග මෝසම් වර්ෂාව හේතුවෙන් ඩෙංගු මදුරුවන් වර්ධනය වීමේ අවදානමක් පවතින බැවින් එම තත්ත්වය මැඩ පැවැත්වීම සඳහායි. ඒ අනුව ගුරුවරුන්, මා පියන් ඇතුළු පාසල් ප්‍රජාවගේ සහභාගීත්වයෙන් ඊයේ දිවයිනේ සියලු පාසල්වල පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාත්මක විය.