කතරගම ප්‍රාදේශීයසභා සභාපති ඇතුළු තිදෙනෙකු රිමාන්ඩ්

කතරගම ප්‍රාදේශීයසභා සභාපති ඇතුළු තිදෙනෙකු රිමාන්ඩ්

by Hashini De Mel 23-04-2018 | 5:24 PM

COLOMBO (News 1st) - විරෝධතාවක් අතරතුර කතරගම පොලිස් ස්ථානයට ගල්මුල් ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කතරගම ප්‍රාදේශීය සභා සභාපති චානක අමිල් රංගන ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ලබන මස 02 වන දා දක්වා අද රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඒ, එම සැකකරුවන් අද තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් අනතුරුව ය. පසුගිය ජනවාරි මස 21 වැනිදින කතරගම පොලිස් ස්ථානය ඉදිරිපිට පැවති කලහකාරී විරෝධතාවක් අතරතුර පොලිස් ස්ථානයට ගල්මුල් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ඔවුන් ඇතුළු සැකකරුවන් පිරිසකට චෝදනා එල්ල විය. මේ සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.