අත්තනගල්ලේ වෙඩි තැබීම: සැකකරුවෙක් අත්අඩංගුවට

අත්තනගල්ලේ වෙඩි තැබීම: සැකකරුවෙක් අත්අඩංගුවට

by Sagarika Chathumali 23-04-2018 | 9:14 AM

COLOMBO (News 1st) : අත්තනගල්ල සංගීත ප්‍රසංයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, එම වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු සැකපිට එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ, අත්තනගල්ල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු අද අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. පෙරේදා රාත්‍රීයේ අත්තනගල්ල ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයකදී සිදුවූ වෙඩි තැබීමෙන් 37 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ගැබිණි කාන්තාවක (27) ඇතුළු 4 දෙනෙක් තුවාල ලැබූහ. පුද්ගලයින් 4 දෙනෙකු වෙඩි තැබීමට පැමිණ ඇති අතර සැකකරුවන් පැමිණ ඇත්තේ යතුරු පැදි දෙකකින් බවට ද අනාවරණ වී තිබේ. පොලීසිය පැවසුවේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බවයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබු එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.