ලොව වයස්ගත ම පුද්ගලයා මිය යයි

ලොව වයස්ගත ම පුද්ගලයා මිය යයි

by Hashini De Mel 22-04-2018 | 4:15 PM

COLOMBO (News 1st) - ලොව වයස්ගත ම පුද්ගලයා ලෙස සැලකෙන ජපානයේ නබී තජිමා මියගොස් ඇති බවට වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කකයිජිමා ප්‍රදේශයේ රෝහලකදී ඇය මියයන විට 117 වැනි වියේ පසු වූ බවයි. මීට පෙර ලොව වයස්ගත ම පුද්ගලයා ලෙස සැලකුණ ජැමෙයිකාවේ වයලට් බ්‍රවුන්, ඉකුත් වසරේදී ජීවිතක්ෂයට පත්වන විට ද 117 වන වියේ පසු විය. මේ වනවිට ලොව වයස්ගත ම පිරිමියා ලෙස සැලකෙන්නේ 112 හැවිරිදි ජපන් ජාතික මසාසෝ නොනාකා යි. ඉකුත් වසරේ ගණනය කිරීම්වලට අනුව ජපානයේ සිටින වයස අවුරුදු 100 ඉක්මවූවන් සංඛ්‍යාව 67,824 ක් වනු ඇත.