7 වනදා මැයි දින නිවාඩුව පෞද්. අංශයටත් දිය යුතුයි

ලබන 07 මැයි දින නිවාඩුව පෞද්ගලික අංශයට ද ලබා දිය යුතුයි - කම්කරු දෙපාර්තමේන්තුව

by Chathuranga Rajapaksha 22-04-2018 | 8:18 AM
COLOMBO (Newsfirst) - ලබන 07 වනදාට ප්‍රකාශයට පත් කර ඇති මැයි දින නිවාඩුව පෞද්ගලික අංශයට ද ලබා දිය යුතු බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි. කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා සඳහන් කළේ ඇතැම් පෞද්ගලික ආයතන ලබන 07 වැනිදාට අදාළ නිවාඩුව ලබා නොදීමේ සූදානමක් ඇති බවට වාර්තා වන බව ය. මැයි 01 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය මෙවර මැයි 7 වැනිදා සැමරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළේ, වෙසක් සතිය යෙදී තිබීම හේතුවෙන් භික්ෂූන් වහන්සේ කළ ඉල්ලීම් සැළකිල්ලට ගනිමිනි.