"රිශි කපූර් සමග රඟපෑමට ලැබීම අපූර්ව අත්දැකීමක්"

රිශි කපූර් සමග රඟපෑමට ලැබීම අපූර්ව අත්දැකීමක් - අමිතාබ් භච්චන්

by Hashini De Mel 22-04-2018 | 4:48 PM

COLOMBO (News 1st) - ප්‍රවීණ බොලිවුඩ් නළු රිශි කපූර් සමග දීර්ඝ කාලයකට පසු යළි ත් වරක් රඟපෑමට ලැබීම අපූර්ව අත්දැකීමක් බව සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් භච්චන් පවසයි.

බොලිවුඩ් සිනමාවේ සමකාලීන් රංගන ශිල්පීන් වන ඔවුන් මෙලෙස එක් ව කටයුතු කළේ, හන්ඩ්‍රඩ් ඇන්ඩ් ටූ - නොට් අවුට් චිත්‍රපටයේ රූගත කිරීම් සඳහායි. වයස්ගත පියකු සහ පුතකු අතර පවතින බැඳීම මුල්කරගත් මෙම චිත්‍රපටය, ලබන මැයි 4 වැනි දින එළිදැක්වීමට නියමිත වනු ඇති.