මුහුදේ කාලගුණය තවදුරටත් අයහපත්

මුහුදේ කාලගුණය තවදුරටත් අයහපත් : නාවික කටයුතුවලින් වළකින්නැයි උපදෙස්

by Hashini De Mel 22-04-2018 | 8:57 PM

COLOMBO (News 1st) - ලබන 24 වන දා උදෑසන 8.00 දක්වා පුත්තලම සිට කොළඹ, ගාල්ල හරහා මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාමේ අවදානමක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජනරාල් එස්. ප්‍රේමලාල් මහතා පැවසුවේ, මේ හේතුවෙන් මුහුදු රළ සුළු වශයෙන් වෙරළාසන්න ගොඩබිමට පැමිණිමේ හැකියාවක් ද පවතින බව ය. වඩදිය ඇති අවස්ථාවේදී මුහුදු රළ වෙරළාසන්න ගොඩබිමට පැමිණීමේ වැඩි හැකියාවක් පවතිනු ඇති. ධීවර හා වෙරළබඩ ජනතාව මේ පිළිබඳව අවධානයෙන් පසුවන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි. මේ අතර මෙම කාලගුණ තත්ත්වය හේතුවෙන්, වෙරළ ඛාදනය ද ඉහළ ගොස් ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සමාන්‍යාධීකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැනසුවේය. ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, වෙරළ භාවිතයේදී ප්‍රවේශම් වන ලෙසයි. මේ අතර බොහෝ ස්ථානවලින් මුහුදු රළ වෙරළාසන්න ගොඩබිමට පැමිණ ඇති බව ආපදා කළමානකරණ මධ්‍යස්ථානය පවසා තිබේ. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් ජනතාව අවදානයෙන් පසුවිය යුතු බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/1921441364582779/