by Chathuranga Rajapaksha 22-04-2018 | 2:09 PM
COLOMBO (News 1st) - ගෙවී ගිය සතිය සතුට, සෞභාග්‍ය පිරී ඉතිරී ගිය සතියක් ලෙස හැඳින්විය හැකියි. ඒ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද හේතුවෙනි. නමුත් ඒ සතුටට බාධා වූ කණගාටුදායක සිදුවීම් ද අපට අලුත් අවුරුදු දින කිහිපය පුරාවටම වාර්තා විය. ඒ අනුව අප්‍රේල් 13, 14 සහ 15 යන තෙදින තුළ වූ එවැනි සිදුවීම් කිහිපක් වෙත අප අවදානය යොමු කළේය.
වර්ෂ 2017ට සාපේක්ෂව මාර්ග අනතුරුවල 4%ක ඉහළ යාමක් දක්නට ලැබෙන බව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය පවසන්නීය.
වෛද්‍යවරිය සඳහන් කළේ, පසුගිය වසරේ මාර්ග අනතුරු 185ක් වාර්තා වූ අතර මේ වසරේ 193ක් වාර්තා වූ බවය.
2017 වර්ෂයේ ගෘහස්ත අනතුරු 144ක් වාර්තා වී ඇති නමුත් මේ වසරේ වාර්තා වී ඇත්තේ 63ක් පමණි.
එය ගිය වසරට සාපේක්ෂව 56%ක පහළ බැසීමක් බව වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය පැවසුවාය.
අවුරුදු කාල සීමාව තුළ උස් ස්ථානවලින් ඇද වැටීම් ගිය වසරට සාපේක්ෂව මේ වසරේ 44%කින් ඉහළ ගොස් තිබේ.
ගිය වසරේ එවැනි අනතුරු 144ක් වාර්තා වනවිට මේ වසරේ එවැනි අනතුරු 206ක් වාර්තා වේ.
අප්‍රේල් 13, 14 සහ 15 යන තෙදින තුළ රැකියා ස්ථානවලදී සිදුවූ වෘත්තීමය අනතුරු වලද වැඩි වීමක් දක්නට ලැබේ.
මේ වසරේ වෘත්තීමය අනතුරු 29ක් වාර්තා වනවිට ගිය වසරේ වාර්තා වී ඇත්තේ අනතුරු 23ක් පමණි.
මේ අතර අප්‍රේල් 13, 14 සහ 15 යන තෙදින තුළ ගැටුම් හේතුවෙන් අනතුරු 86ක් වාර්තා වී ඇති අතර එය ගිය වසරට සාපේක්ෂව 126%ක වැඩි වීමකි.
ගිය වසරේ ගැටුම් හේතුවෙන් වාර්තා වී තිබෙන්නේ අනතුරු 38ක් පමණි.
නමුත් රතිඤ්ඤා අනතුරුවල කැපී පෙනෙන අඩුවක් මේ වසරේ දක්නට ලැබෙව බව ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය පවසයි.
ගිය වසරේ රතිඤ්ඤා අනතුරු 6ක් වාර්තා වූ නමුත් මේ වසරේ වාර්තා වී තිබෙන්නේ 1ක් පමණි.
අවුරුදු ක්‍රීඩා හේතුවෙන් මේ වසරේ අනතුරු 6ක් වාර්තා වී ඇති අතර ගිය වසරේ වාර්තා වූ ගණන 5කි.
මේ අතර වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය කියා සිටියේ අප්‍රේල් 13, 14 සහ 15 යන තෙදින තුළ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතරු ඒකකයේ බාහිර රෝගී අංශයට රෝගීන් 638ක් පැමිණ ඇති අතර ඉන් 287ක් නේවාසික ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කළ බවය.
මේ වසරට සාපේක්ෂව ගිය වසරේදී ජාතික රෝහලේ හදිසි අනතරු ඒකකයේ බාහිර රෝගී අංශයට රෝගීන් 665ක් පැමිණ තිබෙන නමුත් නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙන්නේ රෝගීන් 261ක් පමණි.
මේ වසරේ බාහිර රෝගී අංශයට පැමිණි රෝගීන් ගණන අඩු වූ නමුත් නේවාසික ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කර පිරිස වැඩී වී තිබේ.
එය ගිය වසරට සාපේක්ෂව 10%ක වැඩි වීමක් බව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය වැඩි දුරටත් නිව්ස්ෆස්ට් වෙත සඳහන් කළාය.
අප්‍රේල් 13, 14 සහ 15 යන තෙදින තුළ මාරක රිය අනතුරු 19ක් සිදුව ඇති බව පොලීසිය පවසයි. එම අනතුරුවලින් පුද්ගලයින් 20 දෙනකු මියගොස් තිබේ.
ඇහැලියගොඩ, කොච්චිකඩේ, වැලිමඩ, මිහින්තලය, හුංගම, සාලියවැව, තිරුක්කෝවිල්, පිටිගල, මොරගොඩ, මැදිරිගිරිය, ගිරාඳුරුකෝට්ටේ, වැලිකන්ද, වලස්මුල්ල, සූරියවැව, කොටදෙණියාව, කෑගල්ල, පන්නල, ගලෙන්බිඳුණුවැව සහ ඇල්ල ප්‍රදේශවලින් වාර්තා විය.
පසුගිය 15 වෙනිදා ඇල්ල ප්‍රදේශයේදී එකම පවුලේ මව, පියා සහ පුත්‍රයා ගමන් කළ මෝටර් රථය වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාම හේතුවෙන් අනතුරකට ලක්විය.
අනතුරින් 31 හැවිරිදි පියෙකු සහ 3 හැවිරිදි ඔහුගේ පුත්‍රයා මිය ගිය අතර මවට තුවාල සිදුවිය.
පසුගිය 14වන දා උදෑසන 6සිට 15 වෙනිදා උදෑසන 6 දක්වා කාලය තුළ බීමත් රියැදුරන් 140ක්, අන්තරාදායක ලෙස රිය පැදවූ රියැදුරන් 22ක් සහ අධික වේගයෙන් රිය පැදවූ රියැදුරන් 166ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.