ජනපති ලන්ඩන් නුවර අවුරුදු උළෙලට එක්වෙයි

ජනපති ලන්ඩන් නුවර අවුරුදු උළෙලට එක්වෙයි

by Hashini De Mel 22-04-2018 | 5:35 PM

COLOMBO (News 1st) - 25 වන පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සංචාරය නිමාකරමින් හෙට දිවයිනට පැමිණිමට නියමිතව වේ.

සමුළුව දින හතරක් පුරා එක්සත් රාජධානියේදී පැවැත් විය. 'පොදු අනාගතයක් මෙවර' පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවේ තේමාවයි. සෞභාග්‍ය, සුරක්ෂිතබව, සාධාරණත්වය සහ තිරසරබව යන අංශ යටතේ කලාපීය රටවල අරමුණු සාක්ෂාත් කර ගැනීම සම්බන්ධයෙන් සමුළුවේදී විශේෂ අවධානයක් යොමුවී තිබුණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පැවැති ව්‍යාපාර සංසදය ඇමතූ අතර තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂත් කරගැනීම පිළිබඳව පැවැති සමුළුවේ ප්‍ර‍ධාන දේශනය සිදු කිරීම ද වි‍ශේෂත්වයකි. ඊයේ පැවති බ්‍රිතාන්‍ය මහ රැජිනගේ 92 වන ජන්ම දින සැමරුම් උත්සවයට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි විය. මේ අතර ලන්ඩනයේ කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානයේ ඊයේ පැවති අලුත් අවුරුදු උළෙලේ ප්‍රධාන ආරාධිතයා වූයේ ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. ලන්ඩන් නුවර හැරෝ ලෙෂර් මධ්‍යස්ථානයේදී මෙම අවුරුදු උළෙල පැවැත් වූ අතර එරට වාසය කරන ශ්‍රී ලාංකිකයින් 4000 ක් පමණ ඊට සහභාගිවී සිටියහ. https://www.facebook.com/NewsfirstSL/videos/1921437091249873/