IS ත්‍රස්තයෝ කාබුල් වැසියන් 31ක් බිලි ගනිති

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

by Sagarika Chathumali 22-04-2018 | 5:50 PM

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.

නැගෙනහිර කාබුල් නුවර ඩෂ්ටෙ බාර්චිහි ඡන්ද දායකයින් ලියාපදිංචි කරන මධ්‍යස්ථානයකට එල්ල වූ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 31 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවල ලබා ඇති බවයි. මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ, ඡන්ද දායකයින් ලියාපදිංචි කරන එම මධ්‍යස්ථානයට ඇතුළු වන ස්ථානයේ විශාල පිරිසක් රැඳී සිටි අවස්ථාවකදීයි. ප්‍රහාරයේ වගකීම IS ත්‍රස්තවාදීන් විසින් භාරගනු ලැබ තිබේ. ප්‍රහාරය එල්ල වී ඇත්තේ, එළඹෙන ඔක්තෝබර් මාසයේ ඇෆ්ගනිස්ථානයේ පැවැත්වීමට නියමිත මැතිවරණය වෙනුවෙන්න ඡන්ද දායකින් ලියාපදිංචි කර ගැනීම සිදු කෙරුණු අවස්ථාවේදී ය.