අත්නගල්ල වෙඩි තැබීමේ සම්බන්ධ සැකකරුවෙකු හඳුනා ගනී

අත්නගල්ල වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු හඳුනා ගනී

by Chathuranga Rajapaksha 22-04-2018 | 9:11 AM
COLOMBO (News 1st) - නිට්ටඹුව, අත්තනගල්ල ප්‍රදේශයේ ඊයේ රාත්‍රී පැවති සංගීත ප්‍රසංයකදී සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව ය. පුද්ගලයින් 4 දෙනෙකු වෙඩි තැබීමට පැමිණ ඇති අතර සැකකරුවන් පැමිණ ඇත්තේ යතුරු පැදි දෙකකින් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 2ක් යොදවා තිබේ. ඊයේ රාත්‍රී 10.50 ට පමණ අත්තනගල්ල ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයදී සිදුකළ වෙඩි තැබීමෙන් පුද්ගලයකු මියගොස් කාන්තාවක් ඇතුළු 4 දෙනෙකුට තුවාල සිදුවිය. මියගිය පුද්ගලයා 37 හැවිරිදි හෙයියන්තුඩුව, දේවමිත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කාන්තාව 27 හැවිරිදි ගැබිණි කාන්තාවක් බව වතුපිටිවල රෝහලේ උසස් නිලධාරියෙකු සඳහන් කළේය. ඔහු සඳහන් කළේ, ඇය ශල්‍යකර්මයක් සඳහා යොමු කිරීමට නියමිත අතර ඇයගේ තත්ත්වය බරපතල නොවන බව ය. වෙඩි වැදීමෙන් තුවාල ලැබු එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.