ජාතික ආණ්ඩුවේ වෙනසක් නැහැ – එජාපය: ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමේ කිසිඳු තීරණයක් නැහැ – ශ්‍රීලනිප

ජාතික ආණ්ඩුවේ වෙනසක් නැහැ – එජාපය: ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමේ කිසිඳු තීරණයක් නැහැ – ශ්‍රීලනිප

ජාතික ආණ්ඩුවේ වෙනසක් නැහැ – එජාපය: ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමේ කිසිඳු තීරණයක් නැහැ – ශ්‍රීලනිප

කර්තෘ Chathuranga Rajapaksha

22 Apr, 2018 | 7:36 am

COLOMBO (Newsfirst) – ජාතික ආණ්ඩුව කිසිඳු වෙනසකින් තොරව පවත්වාගෙන යාමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

අමාත්‍ය නවීන් දිසානායක මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තීරණය ඉදිරි දින කිහිපයේදී ලැබීමට නියමිතව ඇති බව ය.

ඔහු සඳහන් කළේ, ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇති බව ය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ද ලබන 26 වනදාට පෙර සිදුකිරිමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව පක්ෂයේ තනතුරු රැසක වෙනසක් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා අනාවරණ කළේය.

ජාතික ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතාගෙන් අප විමසීමක් කළේය.

ඔහු පැවසුවේ, ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමේ කිසිඳු තීරණයක් ගෙන නොමැති බව ය.

ජාතික ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිතුමා පත් කළ කමිටු වාර්තාව ඉදිරි දින කිහිපයේදී ජනාධිපතිතුමාට ඉදිරිපත් කිරිමට නියමිත බව ද ඔහු ප්‍රකාශ කළේය.

පසුගිය 13 වනදා ජාතික ආණ්ඩුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය සරත් අමුණුගම මහතා පත් කරනු ලැබිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු සඳහන් කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර ඇති එකඟතාවන් පිළිබඳව අවධානය යොමු කිරිම මෙහි අරමුණ බව ය.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර නව එකඟතා ගිවිසුමක් පිළිබඳව අවධානය යොමු කිරිම ද අමුණුගම මහතාට පැවරෙන බව ඔහු වැඩි දුරට ත් සඳහන් කළේය.