Online ක්‍රමයට විභාග පැවැත්වීමට සැලැසුම්

Online ක්‍රමයට විභාග පැවැත්වීමට සැලැසුම්

by Chathuranga Rajapaksha 21-04-2018 | 11:55 AM
COLOMBO (Newsfirst) - විභාග පැවැත්වීම සහ ඇගයීම් ක්‍රියාවලිය ඔන්ලයින් (Online) ක්‍රමයට පැවැත්වීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබේ. ඒ, සඳහා විභාග දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් පිරිසකට විදේශීය පුහුණුවක් ලබා දීමට නියමිත ය. මීට සමගාමිව විභාග දෙපාර්තමේන්තුවේ විභාග ක්‍රියාවලිය නවීකරණය කිරීමට ත් ඒ සඳහා නව තාක්ෂණ ක්‍රමවේද භාවිත කිරීමට ත් අවශ්‍ය කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය. අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ ඔන්ලයින් ක්‍රමයෙන් විභාග පැවැත්වීම පිළිබඳව මැලේසියාවේ පුට්රා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන පුහුණු වැඩසටහනක් සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 12 දෙනෙකු සහ ජාතික අධ්‍යාපන ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් 3 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් හෙට දිවයිනෙන් පිටත්ව යන බව ය.