74 වන බ්‍රැඩ්බි පළිහ පළමු තරගය අද කොළඹදී

74 වන බ්‍රැඩ්බි පළිහ පළමු තරගය අද කොළඹදී

by Chathuranga Rajapaksha 21-04-2018 | 12:17 PM
COLOMBO (Newsfirst) - කොළඹ රාජකීය විදුහල හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර 74 වන වාර්ෂික බ්‍රැඩ්බි පළිහ සදහා වූ පළමු රග්බි තරගය අද රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. මෙවර තරගය සදහා කොළඹ රාජකීය විදුහල් කණ්ඩායමට සාබිත් ෆෙරෝස් නායකත්වය ලබාදෙන අතර මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ ජගත් අවිශ්ක විසිනි. රාජකීයන් මෙවර බ්‍රැඩ්බි පලිහ තරගයට එක්වන්නේ පසුගිය වසරේ අත්කරගත් පළිහ රැක ගැනීම සඳහායි. 1945දී ආරම්භ වූ‍ මෙරට පාසල් රග්බි පිටියේ විශිෂ්ටතම තරගය ලෙස සැළකෙන බ්‍රැඩ්බි පළිහ ඉතිහාසයේ වැඩිම වාර ගණනක් ශූරයන් වීමට සමත්වී ඇත්තේ ත්‍රිත්ව විදුහලයි. ඒ, මෙතෙක් පැවැති තරග 73කින් 39කම ජය තමන් සතුකර ගනිමිනි. රාජකීය විදුහල් පිල ජයගෙන ඇත්තේ තරග 32ක් පමණි. 74 වැනි වරට පැවැත්වෙන මෙම තරගාවලියේ බ්‍රැඩ්බි පළිහ සදහා වූ දෙවැනි අදියර ලබන මැයි මස 5 වැනිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති.