2018 ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් අද ඇරඹෙයි

2018 ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් අද ඇරඹෙයි

by Chathuranga Rajapaksha 21-04-2018 | 8:19 AM
COLOMBO (Newsfirst) - 2018 ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලිය 26 වැනි වරටත් අද පැවැත්වේ. ඒ, දියතලාව නරියා කන්ද ධාවන පථයේදී ය. MBC/MTV ​සහ News 1st ප්‍රමුඛ 'චැම්පියන් නෙට්වර්ක්' මෙම තරගාවලිය සඳහා නිල මාධ්‍ය අනුග්‍රාහකත්වය දක්වනු ලැබේ. මෙවර තරගාවලිය මෝටර් රථ තරග 12 ක් සහ යතුරු පැදි තරග 12 කින් සමන්විත ය. 2018 වර්ෂයේ දක්ෂතම ධාවකයා සහ යතුරුපැදිකරු වෙනුවෙන් පැවැත්වෙන ශූරතා කුසලාන තරගාවලිය ද මෙයට අන්තර්ගත වේ. ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨ සහ ශ්‍රී ලංකා මෝටර් රථ ධාවක ක්‍රීඩා සංගමය එක්ව තරගාවලිය සංවිධානය කරනු ලැබේ. පසුගිය වර ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් තරගාවලියේ මෝටර් රථ අංශයේ ශූරතාව අශාන් සිල්වා දිනා ගත් අතර යතුරු පැදි අංශයේ ශූරතාව දිනා ගත්තේ ඉශාන් දසනායකයි. අද උදෑසන 8.30 සිට 2018 ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලිය ඔබට TV 1 නාලිකාව ඔස්සේ සජීවීව නැරඹිය හැකිය.