by Staff writer 21-04-2018 | 2:41 PM
COLOMBO (News 1st) - පුත්තලම, මීගමුව, කොළඹ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට සිට මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශ අද රාත්‍රියේ සිට ලබන 23 වන දා දක්වා ඉතා රළු විය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා එම ප්‍රදේශවල ධීවරයින්ගෙන් ඉල්ලා සිටින්නේ, මුහුදු යාමෙන් වළකින ලෙස ය.
අදාළ මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2ත් 3ත් අතර අගයකින් ඉහළ යා හැකි බව ද ඔහු සඳහන් කළේ ය.
https://www.youtube.com/watch?v=gLApompuvec