භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක්

මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් ලබන 25 වැනි දා

by Chathuranga Rajapaksha 21-04-2018 | 7:37 AM
COLOMBO (Newsfirst) - රුපියල් දස ලක්ෂ විසි අට දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමට මහ බැංකුව සැරසෙයි ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් දස ලක්ෂ විසි අට දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් ලබන 25 වැනි දා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මහ බැංකුව නිවේදනය කළේ, ඊට අදාළ ලංසු භාර ගැනීම 25 වන දින පෙරවරු 11ට අවසන් කෙරෙන බව ය. ලංසුවක් සඳහා අවම මුදල රුපියල් දස ලක්ෂ පහක් බව ත් මහ බැංකුව නිකුත් කළ නිවේදනයෙහි දැක්වේ.