මහියංගණයේදී මවක සහ දියණියක ඝාතනය කෙරේ

මහියංගණයේදී මවක සහ දියණියක ඝාතනය කෙරේ

by Chathuranga Rajapaksha 21-04-2018 | 7:27 AM
COLOMBO (Newsfirst) - මහියංගණය, මාපාකඩවැව ප්‍රදේශයේදී මවක් හා දියණියක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. ඝාතනයට ලක්ව ඇත්තේ 59 හැවිරිදි මව හා 40 හැවිරිදි දියණියයි. ඔවුන් මාපාකඩවැව, ඉකිරියගොඩ සිය නිවසේ සිටියදී ඊයේ රාත්‍රි එලෙස ඝාතනයට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළේය. මළ සිරුරු පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරික්ෂණ අද පැවැත්වීමට නියමිත ය. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද පොලීසිය සඳහන් කළේය.