එලිසබෙත් රැජිණගේ 92වැනි ජන්ම දිනයට ජනපතිටත් ඇරයුම්

බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජිණගේ 92 වැනි ජන්ම දින සැමරුම් උත්සවයට ජනපතිටත් ඇරයුම්

by Chathuranga Rajapaksha 21-04-2018 | 6:57 AM
COLOMBO (Newsfirst) - අදට යෙදී තිබෙන බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් රැජිණගේ 92 වැනි ජන්ම දින සැමරුම් උළෙලට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී වීමට නියමිත ය. සැමරුම් උළෙල පැවැත්වෙන්නේ රාජකීය ඇල්බට් ශාලාවේදී ය. මේ අතර 25 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ලන්ඩන් නුවරදී ඊයේ සාර්ථකව අවසන් විය.