by Chathuranga Rajapaksha 21-04-2018 | 11:39 AM
COLOMBO (Newsfirst) - කේරල ගංජා කිලෝග්‍රෑම් 116 ක් සමග සැකකරුවන් තුන් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, අදාළ සැකකරුවන් වැල්ලම්පිටිය සහ ආදුරුප්පුවීදිය ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බව ය.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 35 සහ 40 යන වයස්වල පසුවන තුන් දෙදෙනෙකි.
ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබේ.