හොරණ රබර් කර්මාන්ත ශාලාවේ කළමනාකරු රිමාන්ඩ්

හොරණ රබර් කර්මාන්ත ශාලාවේ කළමනාකරු රිමාන්ඩ්

by Chathuranga Rajapaksha 20-04-2018 | 3:34 PM
COLOMBO (Newsfirst) - ඇමෝනියා වායුව ආග්‍රහණය වී පුද්ගලයින් 5 දෙනෙකු මියගිය හොරණ, බැල්ලපිටිය රබර් කර්මාන්ත ශාලාවේ කළමනාකරු ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, සැකකරු අද දහවල් හොරණ වැඩබලන මහේස්ත්‍රාත් කාන්ති කන්නන්ගර මහත්මිය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි. ඊයේ දහවල් සිදුවූ එම අනතුරින් මියගිය පුද්ගලයින්ගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණ මේ වනවිට පානදුර මූලික රෝහලේ සිදු කෙරෙමින් පවතී. පොලීසිය සඳහන් කළේ, මරණ පරීක්ෂණවලින් අනතුරුව සිරුරු ඥාතීන්ට භාරදෙන බව ය. මේ අතර අනතුරින් සිහිසුන් වූ පුද්ගලයින් 19 දෙනෙකු තව දුරට ත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව හොරණ මූලික රෝහලේ අධිකාරී තමර කළුබෝවිල මහතා සඳහන් කළේය. ඔහු පැවසුවේ ඉන් දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර එක් අයෙකුගේ තත්ත්වය අසාධ්‍ය බව ය.