by Staff writer 20-04-2018 | 2:39 PM
COLOMBO (Newsfirst) - සංශෝධිත දුම්රිය ගාස්තු පිළිබඳ අවසන් වාර්තාව අද ප්‍රවාහන අමාත්‍යංශයට භාර දීමට නියමිතව තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, අමාත්‍යංශ අනුමැතිය ලැබීමෙන් පසු නව ගාස්තු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිත බව ය.
කෙසේ වෙතත් ගාස්තු ඉහළ දැමීමට පෙර දුම්රිය මගීන්ගේ පහසුකම් තහවුරු විය යුතු බවට වන යෝජනාවක් ද දෙපාර්තමේන්තුවට ඉදිරිපත්ව ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.
ඒ හේතුවෙන් දුම්රිය ගාස්තු ඉහළ දැමීම තවදුරටත් ප්‍රමාද විය හැකි බව ද අදාළ නිලධාරියා අනාවරණය කළේ ය.
මේ අතර දුම්රිය ගාස්තු ඉහළ නොදැමීම නිසා පසුගිය වසරේ රුපියල් මිලියන 6700ක පාඩුවක් දෙපාර්තමේන්තුවට දැරීමට සිදුව තිබේ.
නව ගාස්තු සංශෝධනය අනුව 15% කින් ගාස්තු ඉහළ දැමීමට නියමිත ය.
2008දී සිදුකළ ගාස්තු සංශෝධනවලට අදාළ ගැසට් නිවේදනය පරිදි නව ගාස්තු සංශෝධන සිදු කරමින් පවතියි.
එහිදී ඇතැම් ගාස්තු සංශෝධන 15% ඉක්මවා යා හැකි බව ද දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මෙහිදී අවම ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවේ.
මේ අතර ආසන වෙන් කිරීමේ ගාස්තු ද සංශෝධනය කෙරෙනු ඇති.
දුම්රිය ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කෙරුණු පංච පුද්ගල කමිටුවේ නිර්දේශ මත නව ගාස්තු සංශෝධන සකස් කිරීම සිදුවේ.
https://www.youtube.com/watch?v=r-mSgJzW3Kk