by Staff writer 20-04-2018 | 11:01 AM
COLOMBO (Newsfirst) - පාතාල කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු කොළඹ තොටලඟ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව ය.
අත්අඩංගුවට පත්ව ඇත්තේ 23 හැවිරිදි ඩිල්ෂාන් මධුවන්ත හා 26 හැවිරිදි මුණසිංහ ආරච්චිගේ සුසන්ත නමැති කොළඹ 15 ෆර්ගියුෂන් පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට භාර දී ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.
මේ අතර පාතාල කල්ලි සාමාජිකයෙකු බව කියන තවත් සැකකරුවෙකු ගම්පහ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ.
ඔවන් සතුව තිබී කඩු 2ක්, ව්‍යාජ හැඳුනුම්පත් 2ක් ද සොයාගෙන තිබේ.
වැඩිදුර විමර්ශන සඳහා ඔහු මිනුවන්ගොඩ පොලීසියට ඉදිරිපත් කර ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.