පාර්ලිමේන්තුවේ ප්‍රතිසංස්කරණයට කෝටි 100ක්?

කෝටි 100ක් වැයකොට පාර්ලිමේන්තුව ප්‍රතිසංස්කරණය කරන්නේනම් එය ජාතික අපරාධයක් - සජිත් ප්‍රේමදාස

by Chathuranga Rajapaksha 20-04-2018 | 10:12 PM
COLOMBO (Newsfirst) - කෝටි 100ක් වැයකොට පාර්ලිමේන්තුව ප්‍රතිසංස්කරණය කරන්නේනම් එය ජාතික අපරාධයක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුරව, උඩුදුම්බර, කිරිගංකුඹුර ඉදිකළ මිහිදුම්ගම උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. සැමට සෙවන යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතිය පත්කළ 57 වැනි ගම්මානය මෙය වේ. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග ඇතුළ යටිතල පහසුකම්වලින් සමන්විත මෙම ගම්මානය නිවාස 24කින් සමන්විත ය. මේ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 408කි. https://www.facebook.com/NewsfirstSL/videos/1919262954800620/