මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනයක්

අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසියෙන් රතු නිවේදනයක්

by Staff writer 20-04-2018 | 1:21 PM
COLOMBO (Newsfirst) - ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය රතු නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලීසියෙන් කළ ඉල්ලීමකට අනුව ය. මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩු විභාගයේ සැකකරුවෙකු ලෙස නම් කර සිටින අර්ජුන මහේන්ද්‍රන් මහතා අධිකරණ නියෝග කඩ කිරීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහය ඉල්ලා සිටියේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/1919186118141637/