නයිජීරියා පාර්ලිමේන්තුවට අවි ගත් පිරිසක් කඩා වදිති

නයිජීරියා පාර්ලිමේන්තුවට කඩාවැදුණු පිරිසක් සෙංකෝලය ගෙන පලා යති

by Sagarika Chathumali 19-04-2018 | 1:29 PM
COLOMBO (News 1st) : නයිජීරියානු පාර්ලිමේන්තුවට කඩා වැදුණු ආයුධ සන්නද්ධ පිරිසක් සෙංකෝලය රැගෙන පළා ගොස් තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, මන්ත්‍රී ධුරය අත්හිටවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු එම පිරිස මෙහෙයවා ඇති බවයි. පාර්ලිමේන්තුවට කඩා වැදුණු හිටපු මන්ත්‍රීවරයා සෙංකෝලය රැගෙන පළා යාමත් සමඟ සභාවේ උණුසුම් තත්ත්වයක් හට ගැනිණ. පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව වලංගු සභාවාරයක් සඳහා සෙංකෝලය පැවතීම අනිවාර්යයි. සිද්ධියෙන් අනතුරුව, පැවති අමතර සෙංකෝලයක් සභාවට රැගෙ ඒමෙන් පසු දිනට නියමිත සභා වාරය අවසන් කර තිබේ. සෙංකෝලය රැගෙන ගිය හිටපු මන්ත්‍රීවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා නයිජීරියානු පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.