හොරණ කර්මාන්ත ශාලාවක අනතුරකින් 5 දෙනෙක් මිය යති

හොරණ කර්මාන්ත ශාලාවක ඇමෝනියා ටැංකියකට වැටී පුද්ගලයින් 5ක් මිය යති

by Sagarika Chathumali 19-04-2018 | 2:23 PM

COLOMBO (News 1st) - හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක ඇමෝනියා ගබඩා කර තිබූ ටැංකියකට ඇදවැටීමෙන් පුද්ගලයකු මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඔහු බේරා ගැනීමට ගිය 15 දෙනෙකු සිහිසුන්වීමෙන් පසුව හොරණ රෝහලට ඇතුළත් කර ඇති බවයි. රෝහල්ගත කළ තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. පොලීසිය පැවසූවේ, රබර් කර්මාන්ත ශාලාවේ කළමනාකරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/1917878821605700/