ශ්‍රී ලංකාවේ තේවලට ජපානයෙන් සීමා පැනවීමේ අවදානමක්

ශ්‍රී ලංකාවේ තේවලට ජපානයෙන් සීමා පැනවීමේ අවදානමක්

by Hashini De Mel 19-04-2018 | 9:34 PM

COLOMBO (News 1st) - ජපානය, ශ්‍රී ලංකාවෙන් තේ ගෙන්වීම සීමා කිරීමේ අවදානමක් මතු ව තිබේ.

ඊට හේතුවී ඇත්තේ ජපානය පනවා ඇති සීමාව ඉක්මවා ශ්‍රී ලංකාවේ තේවල MCPA රසායනිකය අඩංගුවී තිබීම ය. ග්ලයිපොසෙට් තහනමත් සමග ශ්‍රී ලංකාවේ තේ වගාව ආශ්‍රිත වල් පැලෑටි විනාශ කිරීම සඳහා MCPA රසායනිකය භාවිත කිරීමට මහාපරිමාන වගාකරුවන් පියවර ගෙන ඇත. මෙම රසායනික සංඝටකය අන්තර්ගත ආහාර ද්‍රව්‍ය සඳහා ජපානය දැඩි සීමා පනවා තිබේ. එම සීමාව ඉක්මවා මෙම රසායනය අඩංගුවීම හේතුවීම දැනටමත් ශ්‍රී ලංකාවෙන් යැවූ තේ තොග කිහිපයක්ම ප්‍රතික්ෂේප කර ඇතැයි තේ අපනයනකරුවෝ ප්‍රකාශ කළහ. තේ මණ්ඩලය පෙන්වා දෙන්නේ ජපානය ශ්‍රී ලංකාවේ තේ සඳහා සීමා පැනවීමක් කළහොත් එය යුරෝපා වෙළෙඳපොළටද බලපානු ඇති බවයි. https://www.youtube.com/watch?v=BtlCuujmEkE