මහජනතාවට බරක් වූ පළාත් පාලන ආයතන නියෝජිතයින්

මහජනතාවට බරක් වූ පළාත් පාලන ආයතන නියෝජිතයින්

by Hashini De Mel 19-04-2018 | 10:20 PM

COLOMBO (News 1st) - පසුගිය මැතිවරණයෙන් පළාත් පාලන ආයතන සඳහා තේරීපත් වූ නියෝජිතයින් සංඛ්‍යාව පසුගිය මැතිවරණයවලට සාපේක්ෂව දෙගුණයකින් වැඩිවීම හේතුවෙන් මේ විට මහජනතාවට දැරීමට සිදුවි ඇති වියදම ද අති විශාල ලෙස ඉහළ ගොස් තිබේ.

පළාත් පාලන ආයතන 340 ක් සඳහා සභිකයින් 8500 කට අධික ප්‍රමාණයක් මේ වන විට තෝරා පත් කරගෙන ඇත. මීට පෙර පැවති ක්‍රමවේදයට සාපේක්ෂව මෙවර පත් වූ මන්ත්‍රී සංඛ්‍යාව 4000 ක පමණ වැඩිවීමකි. දළ වශයෙන් මාසික මන්ත්‍රී දීමනාව අනුව නගරාධිපතිවරයෙකුට රුපියල් 30,000ක් ද නගරසභා හා ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුට රුපියල් 25,000ක් ද හිමි වේ. උපනගරාධිපතිවරයෙකුට රුපියල් 25,000 ක් සහ ප්‍රාදේශීය හා නගර සභාවල උපසභාපතිවරයෙකුට රුපියල් 20,000ක දීමනාවක් ද හිමිය. 7800 කට ආසන්න සෙසු නියෝජිතයන් සියල්ලටම රුපියල් 15,000ක මාසික දීමනාවක් හිමි වේ. ඒ අනුව, වර්තමාන ක්‍රමවේදය තුළ රටේ සියලු පළාත් පාලන ආයතනවල මන්ත්‍රී දීමනා පමණක් වසරකට රුපියල් මිලියන 1855 කට අධික මුදලක් වැය කිරීමට සිදුවනු ඇත. මේ හේතුවෙන් නව ක්‍රමය තුළ ජනතාවට දැරීමට සිදුවන අතිරේක වියදම රුපියල් මිලියන 720ක් ය. එම මුදල දීමනා සඳහා වන අතිරේක වියදම් පමණි. ඒ හැර වාහන, ඉන්ධන, දුරකතන ආදී නොයෙකුත් දීමනා ද එකතු කළ විට ජනතාවට සේවය කිරීමට ඇති අති විශාල මුදලක් පළාත් පාලන නියෝජිතයින් නඩත්තු කිරීම සඳහා වැයවීම කණගාටුවට කරුණකි. https://www.youtube.com/watch?v=XAeuqwlhAMc&feature=youtu.be