බණ්ඩාරගමදී හෙරොයින් සමග තිදෙනෙකු අත්අඩංගුවට

බණ්ඩාරගමදී හෙරොයින් සමග තිදෙනෙකු අත්අඩංගුවට

by Sagarika Chathumali 19-04-2018 | 11:53 AM

COLOMBO (News 1st) : බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේදී හෙරොයින් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරක් මත කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි. සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්රෑම් 6යි මිලිග්‍රෑම් 710 ක් සොයා ගෙන තිබේ. සැකකරුවන් බණ්ඩාරගම, වාද්දුව සහ කළුතර ප්‍රදේශවල පදිංචිකරුවන් ය. ඔවුන් අද හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.