කඩුවෙල නාගරික මන්ත්‍රී අරුණ ලක්මාල් CID අත්අඩංගුවට

කඩුවෙල නාගරික මන්ත්‍රී අරුණ ලක්මාල් CID අත්අඩංගුවට

by Sagarika Chathumali 19-04-2018 | 6:59 AM

COLOMBO (News 1st)  : මාලබේ සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය සමිර සේනාරත්න මහතා ගමන් කළ මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට අදාළව කඩුවෙල නගර සභාවේ නාගරික මන්ත්‍රී අරුණ ලක්මාල් නිශාන්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලීසිය සඳහන් කළේ, සැකකරු ඊයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගෙන වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවයි. 2017 පෙබරවාරි 6 වන දා සිය රාජකාරිය නිම වී නිවස බලා ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවෙකු ඒ මහතා ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල කළේ ය. වෙඩි ප්‍රහාරයෙන් වෛද්‍යවරයාට කිසිදු තුවාලයක් සිදුවූ නොවූ අතර ඔහු ගමන් ගත් මෝටර් රථයට හානි සිදු විය.