home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
එල්ලංගා පද්ධතිය ලෝක උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි
by Hashini De Mel
19-04-2018 | 4:22 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සතු එල්ලංගා පද්ධති සහිත ගම්මානය ලෝක කෘෂිකාර්මික උරුමයක් ලෙස අද නම් කෙරිණි.
ඒ, ඉතාලියේ, රෝම නගරයේ පැවති උත්සවයකදී ය. එල්ලංගා පද්ධතිය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් ඊට අදාළ සහතිකය කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් බී. විජේරත්න මහතා වෙත අද නිල වශයෙන් පිරිනමන ලදි. භූ විෂමතා ලක්ෂණ උපයෝගි කරගනිමින් කුඩා වැව් ගණනාවක් එකිනෙක සම්බන්ධ කර මහවැවක් පෝෂණය කරන පද්ධතියක් එල්ලංගා පද්ධතියක් ලෙස සරලව හැඳින් වේ. මෙහිදී වැව ජලය පුරවා තබන ස්ථානයක් පමණක් නොව මිනිසුන් සතුන්, මෙන්ම ගහකොළ ද එකිනෙක සුරක්ෂිත කරන සුවිශේෂි පාරිසරික පද්ධතියකි. නුතන පර්යේෂණවලින් අනාවරණ වී ඇත්තේ, කුඩාවැව් පද්ධතිය මිනිස් සිරුරේ වකුගඩු මෙන් ජල පෙරණයක් ලෙස ක්‍රියාත්මක වන අයුරින් අදාළ පද්ධතිය ඉදිකර ඇති බව ය. මේ අතර නිව්ස්ෆස්ට් ගමින් ගමට වැවෙන් වැවට වැඩසටහන තුළින් පසුගිය දා බෙල්ලන්කඩවල එල්ලංගා පද්ධතිය මුල්කරගෙන අධ්‍යනයක් සිදු කළේ ය. මෙම අධ්‍යයනය අදියර 3ක් යටතේ සිදු කෙරිණි. මෙම අධ්‍යයනයේ තෙවන අදියරේදී සිදු වූයේ, GPS තාක්ෂණය භාවිත කරමින් මෙරට කෘෂිකර්මික පද්ධතිය හා සම්බන්ධ වූ එල්ලංගා පද්ධතිය සිතියම්ගත කිරීම යි. මීට අමතරව මෙම අධ්‍යයනයට සමගාමීව එම ප්‍රදේශයේ ඓතිහාසික ස්ථාන සොයා ක්ෂේත්‍ර චාරිකා 2ක් ද නිව්ස්ෆස්ට් කණ්ඩායම සිදු කළේ ය. එහිදී මෙගලිතික යුගයට අයත් සුසාන භූමියක් සහ කිලෝමීටර 5ක පමණ භූමියක් තුළ තනි රේඛාවට පිහිටි ගල්වැටි ද සොයා ගැනීමට හැකිවිණි. නිව්ස්ෆස්ට් ගම්මැද්ද දියත් කළ මෙම වැඩසටහන සඳහා පේරාදෙණිය සරසවියේ කෘෂිකර්ම පීඨය අත්වැල් බැඳ ගත්තේ ය. මෙම අධ්‍යනයේදී තවත් තොරතුරු රැසක් ද අනාවරණය කර ගැනීමට ද ගම්මැද්ද ගමින් ගමට වැවෙන් වැවට කණ්ඩායමට හැකියාව ලැබිණි. ලෝක උරුමයක් ලෙස මේ වනවිට නම්කර ඇත්තේ, අප පසුගිය දිනවල අධ්‍යයන කරමින් ලෝකයට අනාවරණය කළ මේ විශිෂ්ට වාරි තාක්ෂණයයි. ලොවපුර රටවල් 20 ක මෙවැනි පාරම්පරික කෘෂිකාර්මික පද්ධති 50 හඳුනාගෙන ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබේ.
වෙනත් ලිපි
ජනපතිගෙන් ශෝක පණිවුඩයක්
නොවැම්බර් සීසන්එක දෙසැම්බරයටත් භාවිත කරන්න අවස්ථාව
දුම්රිය මාර්ග හදන්න ඩො. මිලියන 400ක ඇස්තමේන්තුවක්
හෙට සිට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක්
ආපදාවට පත් ස්වයං රැකියාලාභීන් ගැන තොරතුරු රැස්කෙරේ
ආපදා සහන ලබාදීමට අදාළව චක්‍රලේඛයක්
විශේෂාංග
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය